පුංචි ගෙවත්තෙන් රන් අස්වනු

පුංචි ගෙවත්තෙන් රන් අස්වනු

ගෙවත්ත කියන්නෙම කාලයක් තිස්සෙම අපේ ජීවිතෙන් කොටසක් බවට පත්වූ දෙයක්. ඒවගේම ගෙවත්තක් කියන්නෙ හැමදාම අලුත් වෙන දෙයක්. අලුතෙන් දලුදාගෙන වැඩෙන ගස් වැල්, පූදින්නට බලාගෙන ඉන්න මල් පොහොට්ටු, පාට පාටින් සැරසිලා හිනාවෙන වර්ණවත් මල් පරිසරය වගේම අපේ හිතටත් අලුත් බලාපොරොත්තු , නැවුම් බවක් ගෙනෙනවා. පායන කාල වලට ඒ ශුෂ්ක බව දරාගෙන, වැසි කාලයට ප්‍රීතියෙන් දළුලමින් පිනා යන ගස්වැල් දුෂ්කර කාල පසු කරමින් ඉදිරියට අපිත් එක්කම ඇදිලා යනවා. විවිධ හේතු නිසා සමහර මල් පැල එලවලු පැල අසාර්ථක වූ අවස්තා ඕනෑ තරම්. නමුත් ඒ අසාර්ථක අවස්තක් කියන්නෙ අලුතෙන් පාඩමක් ඉගෙන ගන්න වගේම ඒක අත්දැකීමක් කරගෙන නැවත උත්සාහ කරලා බලන්න අපිට ලැබෙන අවස්තාවක්. මල් කියන්නෙම සතුටු හෝමෝන ජනනය කරන දෙයක්. නොසන්සුන්කාරී දුක් සහිත මානසිකත්වයක් තියෙන වෙලාවක මල් අතර පොඩ්ඩක් ගැවසිලා එනකොට ඒ දුක් මුසු මානසිකත්වය දන්නේ නැතිවම පහවෙලා යනවා. ගෙවත්තේ පැල කියන්නේ දරුවෝ වගේ. එයාලටත් දරුවන්ට වගේ ආදරය, අවධානය අවශ්‍යයි. ඉතින් අපේ දවසින් පුංචි වෙලාවක් හරි වෙන්වෙනවා එයාලගෙ දුක සැපබලන්න. ඉතින් ඒ දුක සැප බලන්න ගියාම පලවැල වලින් සංග්‍රහ කරන්න එහෙම නැත්නම් ලස්සන පාට පාට හිනාවක් ආපසු ලබාදෙන්න මල් අමතක කරන්නෙ නෑ. මිනිසා කියන්නෙම ස්වභාවධර්මයේ කොටසක්. කොන්ක්‍රීට් වනාන්තර වලින් පිරුණු නගරයක් මැද නොදැනෙන සැහැල්ලුව ස්වභාවික පරිසරයක් තුළදී අපට දැනෙන්නේ ඒකයි. රැකියා කටයුතු සහ අනෙකුත් වගකීම් සමග කාර්යබහුල වූ අපිට දවසේ ආතතිය විඩාව දියකර හරින ඉතාම ගුනාත්මක, සහනදායි චිකිත්සාවක් ගෙවත්ත තුළින් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ පුංචි ගෙවත්ත සමහරවිට නගරය මැද තියෙන ඔබේ පුංචි එපාට්මන්ට් එකේ බැල්කනියක උනත් නිර්මාණය කරගන්න පුලුවන්. නිර්මලා වීරකෝන් 💚 ඔයාලටත් මේ විදියට ඔයාලගේ පුංචි ගෙවත්තේ විත්ති අපිත් එක්ක බෙදාගන්න පුලුවන්. ඔයාලගේ නම, විස්තර එක්ක ජායාරූප අපිට එවන්න. මේ තියෙන්නේ අපේ විස්තර: https://play.google.com/store/apps/details?id=com.govinena.app https://apps.apple.com/au/app/govinena-hg/id1527128861 ☎️👉 070 124 8800